
තේමා වාදනය@#%&*(^()
(අර ගුවන් විදුලියෙ ඡන්දෙ දවසට ඡන්ද ප්‍රතිඵලයක් දෙන්න කලින් දාන්නෙ)
************************************************************************************
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්.වෙබ් බ්‍රව්සර් කොට්ඨාසය සිංහල බ්ලොග් කරුවන්ගේ ඡන්ද බල ප්‍රදේශය.
ඡන්ද 39ක් ලබාගෙන ප්‍රථම ස්ථානය දිනාගන්නේ Mozilla Firefox නොහොත් ගිනි නරියා.ඡන්ද ප්‍රතිශතය 75%.
ඡන්ද 9ක් ලබාගෙන දෙවන ස්ථානය දිනාගන්නේ Google Crome.ඡන්ද ප්‍රතිශතය 17%.
ඡන්ද 3ක් ලබාගෙන තෙවන ස්ථානය දිනාගන්නේ Internet Explorer.ඡන්ද ප්‍රතිශතය 5%.
ඊට අමතරව Apple Safari එක් ඡන්දයක් ලබාගෙන තිබෙනවා.ඡන්ද ප්‍රතිශතය 1%.
Opera ඡන්ද ලබාගෙන නැහැ.ඡන්ද ප්‍රතිශතය 0%.
මුළු ඡන්ද සංඛ්‍යාව 52.ප්‍රතික්ෂේපිත ඡන්ද ගණන 0යි.
************************************************************************************
මම පුංචි ඡන්දයක් තිබ්බනේ හොඳම වෙබ් බ්‍රව්සරය තෝරන්න.ඡන්දය දෙන්න තිබ්බ කාලසීමාව දැන් හමාරයි. මේකෙ ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට ඡන්දය දීපු නිසා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන, නිළධාරීන් ඕන නෑ. ඔන්න එහෙනම් ප්‍රතිළුල කිව්වා.
මෙතන මම දකින වැදගත් දේ තමයි IEට වඩා Crome ඡන්ද ලබාගෙන තිබීම. හැබැයි ගිනි නරිය තාම එක. ලෝකයම සැලකුවාම IE 70% කට ආසන්න ප්‍රතිශතයක් උසුලනව. දැන් පේන විදිහට ගිනි නරියට අමතරව IEට තරඟකාරයෙක් ඇවිත් වගේ.
මොකද්ද ඔයාලගෙ අදහස?එහෙනම් ඡන්ද ප්‍රතිළුල විශ්ලේශනය කරමු බලන්න.