Monday, November 30, 2009

තන්තිරිමලයට දැනුම රැගෙන ගියෙමු....

බොහොම කාලෙකින් තමයි බ්ලොග් එකක් ලියන්න පුළුවන් උනේ. පහුගිය දවසේ ලංකාවෙ උතුරු භාගයට ගියා නෙව මේ ඒක ගැනයි කියන්න යන්නෙ. අපි UCSC එකේ Exploration Club කියල club එකක් පිහිටෙව්වනේ. මේකෙන් මූලිකවම කරන්නෙ ලංකාවෙ දුෂ්කර ප්‍රදේශ වල ගුරුවරු හිඟ පාසල් වලට ගිහිල්ල ඒ දරුවන්ට උගන්වන එක. මේ කටයුත්තට මූලික වෙලා වැඩ කරන්නෙ අපේ ලසිත අයිය නැත්තම් බ්ලොග් අවකාශයේ කට්ටිය අඳුරන්නෙ ආගන්තුකයා කියල. මෙතනදි අපේ අරමුණ අපෙන් රටට වෙන්න ඕන යම් සේවයක් ඉෂ්ඨ කිරීම. අපි අවුරුදු 13ක් පාසල් අධ්‍යාපනය ලැබුවෙත් දැන් තව දුරටත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්නෙත් රටේ සල්ලි වලින්. ඒ කියන්නෙ දුප්පත් මිනිහෙක් බොන කහට උගුරක් ගානෙත් එකතු වන බදු සල්ලි වලින් තමයි අපි මේ ඉගන ගන්නෙ. මේ නිසා අපි ඇත්තටම මේ රටට , මිනිසුන්ට ණයයි. ඒ ණයෙන් ටිකක් හරි ගෙවන්න තමයි අපි මේ විදිහට දුෂ්කර ප්‍රදේශ වල දරුවන්ට අධ්‍යාපනය අතින් පුළුවන් උදව්වක් කරන්න උත්සාහ කරන්නෙ.

ඉතින් මේ විදිහට කරන වැඩමුළුවකට තන්තිරිමලේ යන්න ලෑස්ති උනේ පසුගිය සිකුරාදා දවසක(13). අපේ යන්න ලෑස්ත් වෙච්ච කොටසකටයි අපේ අයියල කොටසකටයි අපේ පොඩි එවුන්ටයි සිකුරාද Assignment වගයක් තිබුනු නිසා උදේ යන්න එකතු උනේ අට දෙනයි. මමයි බම්බා(තුෂාර), අත්තා(එරංග), ප්‍රසාද්(ලුකා) අපේ බැච් එකෙන් හිටියෙ ලසිත අයියත් තව අයියල තුන් දෙනෙකුත් හිටිය. ගමනට අපි යොදාගත්තෙ දුම්රිය. කලින් දවසෙ කට්ටිය බස් එකේ ගමනට යන වෙලාව කතා කර කර ඉන්කොට බස් ගමනට අකමැති මම කෝච්චියේ යමු කියල යෝජනා කලාbiggrin. ලංකාව දැන් දියුණුයි නේ අපි ටක් ගාල පච බංකුවෙම පහන් අයියගෙ ලැප දිග ඇරල ගියා දුම්රිය දෙපාර්තමේන්තුවෙ වෙබ් අඩවියට. හොයල බැලින්නන් කෝච්චිය පැය 3 1/2 කින් වගේ අනුරාධපුරේට යනව. ඒ පාර බස් එකේ පැය 6ක් විතර කොටන්න හිතාගෙන හිටපු අය එක පයින් ලෑස්ති උනා කෝච්චියේ යන්න. ඔන්න ඉතින් සිකුරාදා පාන්දරම අත්තයි මායි කොටුව දුම්රිය පොළට නිදිමතේ ආව. ලසිත අයිය කලින් දවසෙ කිව්වෙ උඹල දෙන්න අර කොළඹ කොටුව කියල බෝඩ් එකේ ටු යන්න යටින් ඉඳපන් කියල. ඒ උනාට කළුවරේ ටු යන්න හොයා ගන්න බැරි උනා නෙව. ඉතින් අපි ස්ටේෂන් එකට ගොඩ උනා එතකොට අයිය කෙනෙකුත් ඇවිත් ඉන්නව කකුලක් බිත්තියට ගහගෙන. කොහොම කොහොම හරි ලසිත අයිය එනකොට 5.30 විතර උනා. මේ අස්සෙ නිවේදනය කරනවා නගරාන්තර සීඝ්‍රගාමි දුම්රියට සීමිත ටිකට් සංඛ්‍යාවක්ය තියෙන්නෙ සාමානය ටිකට් වලින් ඒකෙ යන්න බෑ කියල. ඉතිං ලසිත අයියා ආපු ගමන් පිටත් කරා ටිකට් පෝලිමට. අනික් ඒ වෙලාවෙයි දන්නෙ මේ අපි යන්න ඉන්න කෝච්චිය තමයි යාල්දේවී කියන්නෙ. දකුණේ හොඳ හිත අරගෙන උතුරට යන දුම්රිය.ලසිත අයිය පෝලිමේ ඉන්න අතරෙ මම ආයෙත් ගිහින් මතක් කලා අයියා intercity express එකට කියල ටිකට් ගන්න ඕන කියල. ටිකකින් බලනකොට අයිය ඉන්නවා හිටපු පෝලිමේ නෙවේ වෙන පෝලිමක. බලනකොට අපි යන කෝච්චියට ටිකට් දෙන්නෙ ඒ කවුන්ටරෙන් නෙවෙයි. ඔහොම පෝලිම් 3ක ගිහිල්ලයි අන්තිමට ටිකට් ටික ගත්තෙ. ටිකට් අරගෙන ඉවර වෙලා අපි දුවල ගියා කෝච්චියට seat නැතිවෙයි කියල. ඒත් නැගල බැලුවහම ඕන තරම් ඉඩ තියනවා. අපි ඉතින් අන්තිම පෙට්ටියේ ආසන දෙකක අතපය දිග ඇරලා වාඩි උනා. සාමාන්‍යයෙන් අපේ රටේ කෝච්චි පරක්කුයි කියලනේ කියන්නෙ. ඒවුනාට දැන් එහෙම නෑ. යාල්දේවිය හරියටම නියමිත වෙලාව වෙන 5.45ට කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් උනා.
දේවිලා ලැසි ගමනින් යනව කිව්වට මොකද මරදාන පහුවෙලා ටික දුරක් ගියාම යාල් දේවිය ලැසි ගමන පැත්තක තියල අධික වේගයෙන් ධාවනය වෙන්න ගත්තාrazz. නිදිමතේ හිටපු අපි නින්දට වැටුනු අතරේ යාල්දේවිය උතුර බලා ගමන් කලා. මේ කෝච්චිය නවත්තන්නේ නැවතුම් 4යිනේ අනුරාධපුරෙත් එක්ක. ඒ නිසා ගමන සෑහෙන ඉක්මන්. මහව හන්දියෙදි කොළඹ පැත්තට යන යාල් දේවිත් එක්ක මාරුවෙන්න විනාඩි 10ක් විතර නවත්තගෙන හිටපු එක ඇරෙන්න වෙන කිසිම තැනක පරක්කු උනේ නෑ.
අන්තිමට අපි අනුරාධපුරෙන් බහිනකොට වෙලාව 9.30 විතර. නියමිත වෙලාවට වඩා ටිකක් පරක්කු උනාට ඒ වෙලාව ප්‍රශංසනීයයි මොකද බස් එකේ කීයටවත් ඔය වෙලාවට එන්න බෑ. අපි බැස්සට කෝච්චියෙ ගමන මෙතනින් ඉවර නෑ ඒක වවුනියාවෙනුත් එහා තාන්ඩිකුලම වෙනකන් යනවා.

අනුරාධපුරෙන් බහිනකොට සෑහෙන්න බඩගිනියි මොකද කොළඹින එනකොට අපි මුකුත් කාලා තිබුනේ නෑ. ස්ටේෂන් එක ගාවම තිබුනු "සිංහ කඩේ හෝටලෙන්" උදේ කෑම කාලා අඩුවත්(මුලින් බෙලද දෙන ප්‍රමානෙ කාල මදි උනොත් තව ටිකක් බෙදාගෙන කන එකට කැම්පස් එකේ කියන්නෙ අඩුව කනව කියල) කාලයි කට්ටිය කෑම ඉවර කලේ. අපි එලියට බහින්න ලෑස්ති වෙනකොට ලසිත අයියා දාහෙ කොළයක් අතේ තියාගෙන හිටියා බිල ගෙවන්න. අපි එළියට බැස්සාම "අයියෙ අයියෙ" කියල කඩේ ඇතුලෙන් කතා කරන සද්දයක් ඇහුනා. මේක ඇහුනාම අන්තිමට එලියට බැස්ස ලසිත අයිය ආපහු කඩේ ඇතුලට දිව්ව. බැලින්නම් සල්ලි අතේ තියාගෙන හිටියට එයාට බිල ගෙවන්න අමතක වෙලාlol. තව පොඩ්ඩෙන් ආයෙ පාරක් කන්න වෙනවා.smile

ඊළඟට කට්ටියම බෑග් උස්සගෙන බස් නැවතුමට ගියා. අධ්‍යාපන දෙපාර්තුවෙන් අවසර ගැනීමේදී යම් ප්‍රශ්නයක් වෙලා තිබුන නිසා ලසිත් අයියාත් අත්තත් ගියා දහයියාගමට අනුරාධපුර අධ්‍යාපන කොට්ඨාස කාර්යාලයට. කොහොමත් හොඳ වැඩක් කරන්න යනකොට සෑහෙන ප්‍රශ්න එනවනේ. ඉතුරු අපි හය දෙනා තන්තිරිමලේ බස් එකේ නැග්ගෙ ඉස්කෝල ඉවර වෙන වෙලාවට කලින් එවට ගිහින් ලමයි දැනුවත් කරන්න ඕන නිසා.දහයට විතර බස් එකට නැග්ගට ඒක පිටත් උනේ 11ට. මේ පාරෙ සීමිතට බස් ගානක් තමයි දුවන්නෙ. අපරාදෙ කියන්න බෑ බස් එක ඉක්මනට ගියා. ඒ අතර දෙතැනකදි වගේ හමුදා මුර පොළ වල බස් එක නතර කරලා සිවිල් ආරක්ෂක නිළධාරියෙක් බස් එකට නැගල පරීක්ෂා කලා. බස් එකේ යන ඒ පලාතෙ අය අතරේ අපි කැපිල පෙනෙන නිසාද කොහොද අපේ හැදුනුම්පත් පරීක්ෂා කලා. අන්තිමට පැය 2ක් විතර බස්එකේ ඉඳල මට ඇතිවෙලා තිබුනෙ යනවා යනවා කෙළවරක් නෑrolleyes. මුලින්ම හමුබුනු ඉස්කෝලෙ තම්බියාව ධර්මපාල විද්‍යාලය. එතන බැස්සෙ හර්ෂණ අයියත් මාත්.

ඉස්කෝලෙ ගේට්ටුව ලඟ බංකරයක්. ඒකෙ හිටපු සිවිල් ආරක්ෂකයෙක් අපේ හැඳුනුම්පත් පරීක්ෂා කලා. අපි ඉස්කෝලෙට ඇතුළු උනාම මුලින්ම දැක්කෙ බට වගයකුත් තව ලී වගයකුත් අරගෙන යමක් කරමින් ඉන්න ලමයි කට්ටියක්. අපිරිසිඳු කලිසමට උඩින් සුදු කමිසයට යට නොකර ඇඳපු කොල්ලෝ රංචුවක් තමයි මේ විදිහට මොකක්දෝ වැඩක් කරමින් හිටියෙ. කාර්යාලයක් පේන්න නැති නිසා අපි ඒ එක ලමයෙක්ගෙන් ඇහුව කොහේද ප්‍රන්සිපල්ගේ කාමරේ තියෙන්නෙ කියල. කැත්තකින් වැඩ කරමින් හිටපු කොල්ල ඒ කැත්තෙන්ම ගොඩනැගිල්ලක් පෙන්නන ගමන් ආන් අර කොනේම කියල කිව්වsad. අපි ඒ පැත්තට යන්න පිටත් වෙන කොටම පාසලේ විදුහල්පතිතුමා "ඔය ගොල්ලො නේද කොළඹ විශ්වවිද්‍යාලයෙන්" කියල කියාගෙන පන්ති කාමරයකින් එළියට ආව. අපිත් එක්ක විස්තර කතා කරල ඔහු අපිට සාමාන්‍ය පෙළ පන්තියට කතා කරන්න අවස්ථාව සලසලා දුන්නා. ඒ පාසලේ සාමාන්‍ය පෙළ පන්තියේ ඉන්නෙ ලමයි 15යි. ඒකෙන් එදා 10ක් ඇවිත් හිටියා. ඔවුන්ට විද්‍යාව හෝ ගණිතය ගුරුවරයෙක් නෑ. ඒ විශයන් ඔවුන්ට උගන්වන්නෙ වෙනත් විශයකට ඉන්න ගුරුවරයෙක්eek. අපි ඔවුන්ගෙන් අමාරු පාඩම් මොනවද කියල ඇහුහම ගණිත විද්‍යාව විශය මාලා වල තියන පාඩම් වලින් බාගෙකට වඩා කියාගෙන ගියා. ඊට පාසලෙන් එලියට ආපු අපිට ඊළඟ බස් එකට තව පැයක් බලාගෙන ඉන්න උනා. අපි ඒ ගිහිපු බස් එකට ඊළඟට තියන ඉස්කොලෙ බින්නෑව විද්‍යාලයට පණිවිඩය කියන්න ගිහිපු බම්බත්(තුෂාර) ශෂික අයියත් ගොඩ උනා. ඔන්න ඉතිං බස් එක යනව. අපිත් ඉතිං ඉන්නව තන්තිරිමලේට බස් එක එනකම්. අපිට නවාතැන් ලෑස්ති කරල තිබුනෙ තන්තිරිමලේ රජමහා විහාරෙ. තන්තිරිමලෙන් බස් එක නැවුත්තුවාම පංසල හොයාගන්න බරුවයැ කියල අපි හිටිය. එක පාරම කොන්ද අහනව මහත්තයල කොහේටද යන්නෙ කියල. අපි කිව්ව පන්සලට කියල. ඒ මිනිහ ඔළුවෙ අත ගහගෙන කියනව "මහත්තෙයො පන්සල දැන් හෝල්ට් 4කට විතර කලින් පහුඋනා" කියල. මල කෙළියයි කිව්වලු. අපි දඩිබිඩි ගාල බස් එකෙන් බැහැ ගත්ත. දැන් මොකද කරන්නෙ ආපහු යන්න තව පැයක් විතර බස් එකක් එනකම් ඉන්න කියලද? මේ පැත්තෙ බස් හෝල්ට් දෙකක් අතර කි.මී බාගෙක විතර දුරක් තියනව. බහින තැන කොන්දට නොකියා හිටී පණ්ඩිත කම මකත් කර කර කකුල් දෙක ගෙවෙන කම් ආවෙ නැතෑ පයින්. කොච්චර දුරද දන්නවද ඇහැටුල්ලො දෙන්නෙක් මැරිල ඉන්න දුර biggrin. මේ පාරෙ වාහනයක් යන්නෙ විනාඩි 20කට විතර පාරක්. ඒ වාහනේකට අහුවෙලා සර්පයක් මැරෙනව කියන්නෙ කොච්චර සර්පයො පාර මාරු වනෙව ඇත්ද? යන අතරෙ අපේ ජංගම දුරකතන දිහා බැලුවා සංඥා තියනවද කියල. මගේ එකට නම් නෑ. මොබිටෙල්ලා මේ හරිය care කරන්නෙ නැද්ද මන්දා. ශශික අයියා කියනවා. "ආ මට නම් සිග්නල් තියනවා. ම්ම්..... සිග්නල් එන්නේ... සෙට්...ටිකුල.ම් කියල තැනකින්".මලා ඒ කියන්නෙ අර යුධ සරණාගතයන්ගෙ කඳවුරු තියන පලාතෙ න්ද? ඒ කියන්නෙ අපි ඉන්නෙ ඉස්සර මුදා නොගත් ප්‍රදේශයකද? කියන්න එපායැ එන්න කලින්. තඩි බෑග් ඉහින් කනින් එල්ලගෙන දාඩිය පෙරාගෙන යන්තම් අපි පන්සලට ආවා.

තුන් වෙනි ඉස්කොලෙ විමලඥාණ විද්‍යාලය තියෙන්නෙ පන්සල ළඟමයි. ඒ ඉස්කොලෙට ගිහිපු සුමුදු අයියයි අපෙ ලුකයා(ප්‍රසාද්) මේ වෙනකොට පන්සලට ඇවිත් ඉන්න ඕන. අපි ඒ දෙන්නට කෝල් එකක් ගන්න හැදුවත් හරිගියේ නෑ. මොකද දුරකථනයට සංඥා නැති නිසා. ලේසියෙන්ම කිව්වොත් ෆෝන් එකට සිග්නල් නැති නිසා. නවතින තැන හොයා ගන්නත් එපායැ. වටපිට බලනකොට හාමුදුරු නමක් ආවාසගෙයි ඉස්සරහ පුටුවක වාඩිවෙලා ඉන්නව. පෙනුමට ලොකු හාමුදුරුවොවෙන්න ඕන. අපි ගිහින් හාමුදුරුවන්ට වැඳලා පැත්තකට උනා. ඊළඟට කතාව මෙන්න මෙහෙම

හර්ෂණ අයියා - හාමුදුරුවනේ අපි කොළඹ විශ්වවිද්‍යාලයෙන්.
ලොකු හාමුදුරුවො - ඉතිං..
හර්ෂණ අයියා - හාමුදුරුවනේ අපේ දෙන්නෙක් කලින් ආවද මෙහෙ.
ලොකු හාමුදුරුවො - නෑ ආවෙ නෑ
(ඔය ගමන අපේ බම්බා විස්තර කරන්න ගත්තා)
බම්බා - හාමුදුරුවනේ අපි කොළඹ විශ්ව විද්‍යාලයෙන්. අපි වැඩමුළුවක් කරනවා මෙහේ ලමයින්ට. අපිට නවාතැන් ලෑස්ති කරල තිබුනේ මේ පන්සලේ. අපේ දෙන්නෙක් දවාලෙ මෙහේ ආව.
ලොකු හාමුදුරුවො - ම්හු.. කව්රුත් ආවෙ නෑ.
(අපි තක්බීර් වෙලා මූණවල් බලා ගත්ත. දැන් මොකද කරන්නෙ මුන් දෙන්න කොහේ ගිහිල්ලද දන්නෙ නෑ. සිග්නල් නැතුව කෝල් එකක් දෙන්නත් බෑ. සංවිධායක ලසිත අයිය තාම අනුරාධපුරේ. අපි කල්පනා කර කර ඉන්නකොට හාමුදුරුවො අහනව)
ලොකු හාමුදුරුවො - ඉතිං ඔය ලමයි කොම්පියුටර් කරන අයද?
බම්බා - ඔව් හාමුදුරුවනේ අපි I.T කරන්නෙ......
ඔහොම විස්තරේ ආයෙ මුල ඉඳලා කියනව. මෙන් එක පාරටම හාමුදුරුවො හක හක ගාල හිනාවෙන්න ගත්ත. ඒ හිනාවෙන අතරෙ කියනව. ආව ආව අන්න කොනේ කාමරේ නිදි කියලlol. එතකොටයි අපිට තේරුනේ හාමුදුරුවො අපිට දීල තියෙන්නෙ බයිටක් කියල.

මේ අතරේ අධ්‍යාපන අමාත්‍යංශෙට අවසර ගන්න ගිය ලසිතට අයියට එහෙන් ලේසියෙන් අවසර දීලා නෑ. ඒගොල්ලො එතකොටත් අනුරාධපුර. අපිට දැන් පට්ට බඩගිනියි. මොනව කියල කන්නද? පලාතක හෝටලයක් නෑ. හොඳ වෙලාවට හාමුදුරවෝ ප්‍රශ්නේ විසඳුවා. මුළු ගමටම හවසට කඩේට ගේන්නේ පාන් රාත්තල් හතරලු. හාමුදුරුවෝ ඒ හතර ගෙන්නලා පොල්සම්බලකුත් එක්ක අපට කන්න දුන්නා.

හවස කොළඹින් පිටත් වෙච්ච අපේ ඉතුරු කට්ටිය රතුකුරුසේ වාහනයකින් පන්සලට එනකොට රෑ 9 විතර ඇති. අපි පස්සෙන්දට උගන්නන්න තියන දේවල් බල බල ඉඳලා වැටිච්ච වැටිච්ච තැන් වලට නිදාගත්තේ පහුවෙනිදා වැඩමුළුව පවන් ගන්න අදහසින්. ඒත් පහුවෙනිදා අපි දැක්කෙ අපි බලාපොරොත්තු වෙච්ච දේ නෙමෙයි. ඒක වෙනම ලිපියකින් කියන්නම් . මොකද ඒක කැම්පස් ආතල් ලේබල් එක අයතට නොවැටිය යුතු නිසා. ආපහු හමුවෙමු කැලේ පිපී කැලේම පරවී යන තන්තිරිමලේ දරුවන් ගැන කියවෙන ලිපියකින්.

හිතවතෙකුගේ නික්ම යෑම


ජීවිතයේදී අපට හමුවන අය බොහෝය. ඒ සියලු දෙනා අතරින් අපගේ මිතුරන් හිතවතුන් වන අය අල්පය. ඒ අතරිනුත් අවංක හිතවතුන් අල්පය. මගේ ජීවිතයේ මට සිටි එවන් හිතවතෙක් පසුගියදා ජීවිතයෙන් සමුගත්තේය. ඒ මිනිසෙකු නම් නොවේ අප නිවසේ ඇති කල බල්ලායි. සතෙක් උනත් ඌ සැබෑවටම අප පවුලේ හිතවතෙකු විය. උගේ සමුගැනීමට අප පවුලේ කාතුලත් දුකක් ඉතිරි කලේ ඒ නිසයි.

"ටිකී" ඒ අප ඌ හැඳින්වූ නමයි. ටිකී හොඳ වර්ගයක ඉහල මිලකට ගත් බලු පැටවක් නෙවෙයි. අපේ අම්මලාගෙ මහගෙවල් ළඟ විදේශිකයෙකුගෙ ගෙදරක් ඉස්සරහ පරණ කාර් එකක් තිබුනා. මේ කාරය යට තමයි ටිකීගේ අම්මා "රෝසි"(වටේ පිටේ අය ඌ හැඳින්නුවේ එහෙමයි) පැටවු දැම්මේ. අපේ ගෙදරට බලු පැටියෙක් ගෙනියන්න උවමනාව තිබුනු නිසා මමත් චූටි අම්මත්(පුංචි අම්මා) අර පරණ කාරෙක ගාවට ගිහින් බලු පැටියෙක් එළියට ගන්න කතා කලාම වෙන එකක් වත් ආවෙ නැති උනාට බෙල්ල වටේ සුදු ලොම් වයිරමක් එක්ක දුඹුරු පාට කනාටු බලු පැටියෙක් අමාරුවෙන් එළියට ආව. උගේ පිටේ සුලැඟිල්ල දාන්න පුළුවන් තරමේ ලොකු තුවාලයක්. ඌ ගෙදර ගෙනත් නාවලා බෙහෙත් කරලා සනීප කලා. ඌ තමයි ටිකී.

ටිකී ගේ ඇතුලේ තියාගෙන වඩාගෙන හුරතලේට හදපු බල්ලෙක් නෙමෙයි. ඌ හිටියේ එළියෙ නිදාගත්තෙ ගරාජයේ. ඒත් ගේ ඇතුලේ තියාගෙන වඩාගෙන ඉඹලා හදන බල්ලෙකුගෙ මම දැකලා නැති කෙලෙහිගුණයක් ටිකියගෙ තිබුනා. ඌට කන්න බොන්න දීපු නාවපු බෙහෙත් කරපු ගෙදර මිනිස්සු ගැන උගේ ලොකු ගෞරවයක් තිබුනා. ටිකියව අතගාල හුරතල් කලේ මමත් මල්ලිත් විතරයි. තාත්තා වෙලාවකට කකුලෙන් උගේ ඔළුව අත ගෑවා. වෙන වෙලාවට සැර කරත් අතගාල හුරතල් නොකරත් තමන්ට බත් එක හදලා දෙන්නෙ අම්මා කියල ඌ දැනගෙන හිටියා. මෑතක් වෙනකම්ම අම්මා වැඩට ගිහින් අවහම අම්මගේ සාරියෙ පැටලි පැටලි පස්සෙන් ඇවිද්දෙ ඒ බත් ටික දුන්නට ඌ දන්න විදිහට ස්තූති කරන්න වෙන්න ඇති. ටිකියා ශරීර පුමාණයෙන් කුඩා බල්ලෙකු උනාට ඌට හොඳ ශක්තිමත් බලලෙක්. වතාවත් බිම දිගේ දුවපු වඳරු නාම්බෙක් ටිකියා අල්ලලා මරලා තිබුනා. ඌ නිදාගත්තෙ අපේ කාරෙක යට. අපිට කලින් තිබුනු Nissan station wagon වර්ගෙයේ කාරෙක ගෙදර තියන කොට තමන්ගෙ වගෙයි ඌ ඒක ළඟ හිටියේ. ඒ නිසා තාත්තා නෑදෑයන්ට කියනවා මම නෙමෙයි වාහනේ අයිතිකාරයා ටිකිය කියල. ගෙදර අය කොහේ හරි ගිහින් ආවහම කටින් අමුතු ශබ්දයක් පිට කරන්න ටිකියා පුරුදු වෙලා හිටියා. ඒක ඌ යමක් කියන්න උත්සාහ කරනව වගේ අපි දැක්කෙ. තාත්ත වෙලාවකට කියන්නෙ මූට කතා කරන්න විතරයි බැරි කියලා. ඒ තරමට ඌ අභිනයෙන් උගේ ආදරේ අපිට පෙන්නුව. මම හරි මල්ලි හරි නම් කකුල් දෙකෙන් හිටගෙන ඇඟට පනින එකත් උගේ තව පිළිගැනීමේ ක්‍රමයක්. පවුලේ නෑදෑයෝ ඇවිත් සාලෙ කතා කර කර ඉන්න කොට ටිකියත් හිමීට ඇවිත් පාපිස්ස උඩින් වාඩි වෙනවා. ඒ වාඩි වෙන්නෙත් ඉස්සරහ කකුලක් අනෙක පිට දාගෙන උජාරුවට. මමත් මේ පවුලේ කෙනෙක් කියල පෙන්නන්න ඌට ඕන කලා.

අපි කලින් හිටපු බෙලිගහ හන්දියේ රජයේ නිල නිවාස වලින් අයින් වෙලා දැන් ඉන්න උළුවිටිකේට ආවට පස්සෙ ටිකියා නිදැල්ලේ ලිහලයි හිටියේ. ඒ ඒ දවස් වල මෙ පැත්තෙ බල්ලො නොහිටපු නිසා. ටිකියත් ගෙදරට වෙලා හිටියා. ඌට ඕන වෙලාවට එළියට ගියත් ඉක්මනට ආපහු ආවා. ඒත් එක දවසක් උගේ වම් පැත්ත පිටිපස්සෙ කකුලේ තුවාලයක් ඇවිත් තිබුනා. දොස්තර ගාවට එක්ක ගිහින් බෙහෙත් දැම්මත් ඒක හොඳ උනේ නෑ. අන්තිමට දොස්තර උගේ කකුල කපන්න තීරණය කලා. මේ නිසා අන්තිමට ටිකියා කකුල් තුනේ ආබාධිත බල්ලෙක් උනා. ඒ ඔපරේෂන් එකෙන් පස්සෙ දවස් තුනක් විතර යනකම් මම ඌට බත් කැව්වෙ අතින්. භාජනේට කෑම දාල ළඟින් තිබ්බට ඌ කෑවෙ නෑ. ඒත් අතට ටික ටික අරන් හොම්බ ලඟට දුන්නාම ඌ ඒක කෑවා. කකුල සුව උනත් මේ වෙනකොට ටිකියා වයසයි. ඒ නිසා අපි ඌව දම්වැලේම තියන්න හිතුවා. මොකද එළියට ගියහම වෙන බල්ලො හපයි කියල. ඌට නිදහසේ ඇවිදිල ඉන්න දෙන්න ඕන කම් තිබුනත් ගෙදර පිටි පස්සෙ තාප්පයක් නොතිබුන නිසා ඒක කරන්න පුළුවන් කමක් තබුනේ නෑ.

මීට සතියකට උඩින් මම ගෙදර ආපු වෙලාවෙ ටිකියා සනීප නැතුව හිටියෙ. ඌ කෑම කෑවෙ නෑ. වෙන් එකක් තියා මම ගෙදර එනකොට අමාරුවෙන් හරි වලිගය වන වන ඉන්න තැනින් නැගිටින ටිකියා වාහනේ යටින් එළියට ආවෙ නෑ. මේ නිසා පස්සෙස්දාම මම ඌව දොස්තර ගාවට අරගෙන ගියා. ඔහු කිව්වේ උණක් හැදිලා තියන බව. ඇඟේ ලේ අඩු වෙලා කියලත් කිව්ව. බෙහෙත් බිව්වත් ටිකියා නිරෝගී බවත් පෙන්නුවෙ නෑ. ගිය ඉරිදා මම කොළඹ එනකම් ඌ මගේ අතිනුයි බත් කෑවෙ. ඒත් බොහොම ටිකක්. සතියෙ මැද තාත්තා ආයෙත් බල්ලාව දොස්තර ගාවට එක්ක ගිහින් තිබුනා. ඒ පාර කියල තිබුනේ ඌට වකුගඩු අමාරුවක් තියනව කියල.

සිකුරාදා රෑ මම ගෙදර ආවෙ ටිකියට සනීප ඇති කියල හිතාගෙන. ඒත් ගේට්ටුවෙන් ඇතුලට එනකොට දම්වැල ඇදගෙන කාරෙක යටින් ටිකියා එළියට එන සද්දෙ නෑහුන නිසා ඒක එහෙම නෑ කියල මට තේරුනා. ඒ වෙනුවට ඉස්තෝප්පුවේ එළපු රෙදි කෑලි කිපයක් උඩ ටිකියා හාන්සි වෙලා හිටියා. අපේ මල්ල ඌ ළඟට වෙලා බලගෙන හිටියා. ටිකී කියල මම කතා කලත් ඌට ඉන්න විදිහටම ඇහැ හරවල බලනව මිසක් ඔළුව උස්සන්න වත් ශක්තියක් තිබුනේ නෑ. මම ඇඳුම් මාරු කරගෙන ආපහු ටිකියා ළඟට ඇවිත් හිටියත් ඌ හුස්ම ගන්නව ඇරෙන්න වෙන කිසිම චලනයක් කලේ නෑ. ඌට තියන අමාරුව ඌ කොහොම කියන්නද? ඌ ඉන්නේ සෑහෙන වේදනාවකින් කියලනම් මට තේරුනා. එවෙලෙම දොස්තර ගාවට ගෙනියන්න සූදානම් උනත් අම්මා කිව්වේ මේ වෙලාවෙ ඌව හොල්ලන එකත් ඌට වේදනා ඇති ඒ නිසා එහෙම ඉන්න දෙන්න කියල. බඩ ගින්නක් නොත්බුනත් අම්මගේ වදේට මම බත් ටිකක් කාලා එළියට බැසේසෙ ආපහු ටිකියට කොහොමද බලන්න. ඒ වෙනකොට තමන් විඳිමින් හිටපු වේදනාවන් සියල්ලෙන්ම නිදහස් වෙලා ටිකියා ජීවිතේ අතහැරල ගිහින් තිබුනා. මම ඒ බව අම්මටත් තාත්තටත් කිව්වහම ඔවුන් අත්දෙක මුහුණට තියා ගත්තෙ කොච්චර දැනගෙන හිටියත් ඌ මියගිය බව ඇහුවහම දැනුනු දුක නිසා වෙන්න ඇති. මම අහගෙන අම්මා මල්ලිට කියනවා පුතේ ටිකියා නැතිවෙලා කියල. මැරිලා කියන වචනය කියන්න ඇයට ශක්තියක් තිබුනේ නෑ. මොකද ඌ අපේ පවුලේම කෙනෙක් වෙච්ච නිසා. මල්ලි හයියෙන්ම අඬන්න ගත්තා. අම්මාගෙත් තාත්තාගෙත් ඇස්වල කඳුලු.මගේ ඇසුත් නොදැනීම කඳුලු වලින් පිරුනා මට හිටපු සෙනෙහෙවන්තම මිතුරෙක් වෙනුවෙන්.

තමන්ගේ යාළුවගේ සහෝදරයගෙ ජීවිතය වටින්නෙ නැති මිනිස්සු ඉන්න මේ සමාජෙ මේ සතා ගුණ යහපත් කම් හොඳින්ම දැනගෙන හිටියා. තමන්ගෙ වාසියට මුනිච්චාවට බොරු යාළුකම් පවත්වන යාළුවො ඉන්න කාලෙක ඌ මට ඉතාම හිතවත් මිතුරෙක් උනා. ආදරණීය ටිකී අවුරුදු 13 විතර උඹ අපි වෙනුවෙනු කල දේවල් වලට බොහොම පිං. ඊළඟ ආත්මයේදි තිරිසන් බවින් නිදහස් වලා මිනිසත් බව ලැබී අපි අතරේම ඉපදියන්.......

Thursday, October 29, 2009

Ubuntu අයිසිං කිරීම (5කොටස)-Emerald

අයිසිං කිරීම ඉවරයි කියල මං කලින් කිව්වට ඉවරම නෑ. තව තියනවා. :D මේක ලස්සනම එකක් වෙලත් මට කොහොම අමතක උනාද කියල හිතා ගන්න බෑ. කොහොම හරි දැන් මතක් උනානේ ඔන්න ලියනවා.

Emerald කියන්නෙ කවුළු අලංකාර කරනයක්(window decorator). මෙම Emerald theme manager එක මගින් ඔබට emerald themes install කරන්න edit කරන්න සහ emerald theme අතර මාරු වීමට අවස්ථාව ලබා දෙනවා.

Window decorator එකක් විදිහට emerald කරන්නෙ ඔබේ window border වල පෙනුම පාලනය කිරීම. Window එකක අනෙක් අයිතමයන් වෙන button, scroll bars වැනි දේවල් වෙනස් කිරීමට desktop environment එකේ settings වලට යන්න ඕන.

  • Emerald ස්ථාපනය කිරීම.
terminal එක ගෙන පහත විධානය ඇතුලත් කරන්න(ඔබේ repository indexes update කර තිබිය යුතුයි)

$ sudo apt-get install emerald

ඊළඟට emerld, CompizConfig Settings Manager වල plug in එකක් විහිදට active කිරීමට. CCSM වලට ගිහින් එකේ Window decoration කොටසට ගිහිල්ලා එතන තියන command කියන text box එකට "emerald --replace" කියල ඇතුලත් කරන්න.
මේක ක්‍රියාත්මක කරන්න නම් පරිගනකය නැවත පණගන්වන්න වෙනවා. ඒ session එකට විතරක් ක්‍රියාත්මක කරන්න නම් Run එකේ emerald --replace ඇතුලක් කරලා පුළුවන්.

  • Themes install කිරීම.
System--> Preferences --> Emerald Theme Manager වෙත යන්න.
මේකට කැමති themes www.gnome-look.org වලින් බාගන්න පුළුවන්. (Mac OS වගේ Vista වගේ හදපු ඕනෑ තරම් themes මෙතන තියනවා) ඊට පස්සෙ theme manager එකේ import බොත්තම click කරලා theme එක අරගෙන. ඒ අවශ්‍ය theme එක උඩ double click කරලා ක්‍රියාත්මක කරගන්න පුළුවනි. =D>
Mac OS theme එකක් :)

Tuesday, October 27, 2009

අර්ධ ශතකය ලැබීම හා ආපසු හැරී බැලීමක්......


ආයුබෝවන් කියල පිළිගන්නවා රවින්දගේ සටහන් පොතේ 50 වැනි සටහනට :) . මම බ්ලොග් කරණයට පිවිසුනේ මීට මාස 10 කට කලින් 2008 දෙසැම්බර් 8 වෙනි සඳුදා. ඒ මගේ විස්තර ගැන කුඩා සටහනක් ලියල. එදා ඉඳල අද වෙනකම් මම දිගටම බ්ලොග් ලිව්ව. සමහර කාල වලදී(විභාගෙ කිට්ටු උනහම ලෙක්චර්ස් ගියේ නැති ඒව නිදි මරාගෙන අදින කාලෙI-) ) ටිකක් මඟ ඇරුනේ නෑම නෙමෙයි. ඒත් මම මේ මුළු කාලය තුලම බ්ලොග්කරණයේ රුඳිල හිටිය. හැමදාම වගේ සින්ඩියටයි ගිහිල්ල බ්ලොග් කියවන්න ඒ වගේම මගේ blogspot එකට feeds ආපු posts කියවන්න පුරුදු උනා. ඒක මගේ දෛනික ජීවිතයේ කොටසක් උනා. net connect උනාම මුලින්ම යැවෙන්නෙ සින්ඩියට. බ්ලොග් කියවීමෙන් ප්‍රතිචාර දැක්වීමෙන් මම තෘප්තියක් ලැබුවා. ඒ වගේම ගොඩක් දේවල් ඉගන ගත්තා.

මම බ්ලොග් එකක් ලියන්න ඕන කියල හිතුනෙ අපේ senior batch එකේ ශාකුන්තල අයියගේ බ්ලොග් එක දැකල. ඒ වගේම තමයි පහන් අයිය. මට මතකයි පහන් අයිය දවසක් අපේ UCSC ගොඩනැගිල්ලෙ පළවෙනි මහලෙ ඉඳල මට මල්ලි මල්ලි කියල කතා කරල "උඹ නේද අර බ්ලොග් එකක් ලියන්නෙ" කියල අහල ඊට පස්සෙ මගේ බ්ලොග් එකේ අඩුපාඩු කියල දීපු හැටි. ඒ අය මට දීපු සහයෝගය මේ වෙලාවෙ මතක් කරන්නම ඕන.

මම UCSC එකේ 6 වෙනි batch එකේ. අපේ කට්ටියගෙන් මුලින්ම බ්ලොග් එකක් ලියන් පටන් ගත්තේ මම. ඒකත් මට බොහොම ආඩම්බරයට කාරණයක්.ඒ වගේම මගේ batch එකේ සාමාජිකයන් comment වලින් වගේම හම්බෙච්ච වෙලාවට වචනයෙන් හරි දීපු ධෛර්ය මට මෙච්චර කාලයක් බ්ලොග් ලියන්න ශක්තියක් උනා. අනික මම බ්ලොග් ලියන්න පටන් අරගෙන නිකං හිටියේ නෑ. අපේ අනිත් එවුනටත් තෙල ගැහුවා බ්ලොග් ලියන්න. ඒ තෙල් වල ප්‍රතිපලයක් විදිහට අපේ ගොඩක් අය බ්ලොග් ලියනවා දැන් =d> . නම් එහෙම කියන්න ගියොත් ලේසි වෙන්නෙ නෑ මොකද බර ගානක් ඉන්න නිසා. පහුගිය දවසක අපේ පොඩි එවුන්ට(පොඩි එවුන් කිව්වට මුන් පොඩිම නෑ ඒ අපේ jouniorsලා :D) අපි Linux workshop එකක් කරපු වෙලාවේ උන්ටත් බ්ලොග් ගැන හොඳ තෙලක් ගැහුවා චමිල අයියයි මායි. ඒ අපේ මල්ලිලා නංගිලාත් ලඟදීම මේ බ්ලොග් කරුවන් අතරට එකතු වේවි කියල තමයි බලාපොරොත්තුව.

බ්ලොග් කරණයෙන් මට ලැබිච්ච තව දෙයක් තමයි තව යාළුවො කට්ටියක්. ඒ නිසා මගේ IM client එකට තව group එකක් එකතු උනා "මගේ බ්ලොග් මිතුරන්" කියල. ඒ අය වගේම මගේ බ්ලොග් එක පැත්තෙ ඇවිල්ල ඒව කියවල ගිය ප්‍රතිචාරයක් දාල ගිය හැම දෙනෙක්මත් මේ වෙලාවෙ බොහොම ආදරෙන් මතක් කරනව.

මම හැමදාම උත්සාහ කල දෙයක් තමයි බ්ලොග් එකෙන් මම දන්න දෙයක් අනුන්ට කියල දෙන්න. මේක අපේ කැම්පස් වල නම් සංස්කෘතියෙම කොටසක්. දේශනයක් ගත්තහම හැමෝටම තේරෙන්නෙ නෑ ඒත් ඒක තේරෙන කීප දෙනා batch එකම ගොඩ දානව. එහෙම කෙනෙක්ට කියල දීල ඌව ගොඩ දාල ලබන තෘප්තිය වෙන කිසිම දේකින් ලබන්න බෑ. ඒක නිසා තමයි මම බ්ලොග් එකෙත් මම දන්න දේවල් ලිව්වෙ. Bandluxe modem එක linux වල configure කරන විදිහ ගැන මම ලියපු සටහන සෑහෙන්න ජනප්‍රිය උනා. කොච්චරද කියනවනම් "bandluxe c120 in" කියල google කලාම මම ucsclodge එකේ කඩ්ඩෙන් ලියපු post එක දෙවනියට ආව. තව පිටරට වල කීප දෙනෙක්ම මට mail කරල, IM එකේ set වෙලා ඒ ගැන වැඩි විස්තර ඇහුව. බ්‍රසීලෙ ලුසියානෝ කියන පොර තාමත් මම online හිටියහම linux ගැන එක එක දේවල් අහනව #-o . මම ඉතින් ගොඩක් FOSS පැත්තට බර නිසා ඒ ලියැවුනු ගොඩක් දේවල් Linux ගැන තමයි ලිව්වේ. ඉස්සරහටත් ඒ වගේ දේවල් ගොඩක් ලියන්න බලාපොරොත්තු වෙනවා. දැන් 2වසරෙ හින්ද වැඩ වැඩි එකයි එකම අවුල (ඉස්කොලෙ 2වසර නෙමෙයි හොඳේ). ඒ ඇරෙන්න බ්ලොග් එකේ වල් පල් නොලිව්වම නෙමෙයි. අපි කව්රුත් අපේ සුන්දර අත්දැකීම් බෙදා හදා ගන්න කැමතියිනේ. කැම්පස් ජීවිතේ කියන්නෙ බොහොම සුන්දර දෙයක්නේ ඉතින් ඒ සුන්දර දෙවල් වලින් ටිකකුත් මම ඔයගොල්ලොත් එක්ක බෙදා හදා ගත්තා. මේ ලඟදි මම මගේ හිතේ තිබුන දේවල් කිහිපයකුත් නිසඳැස් විදිහට(මම දන්න විදිහට ඒවාට කියන්නෙ නිසඳැස් කියල. එහෙම නොවෙනවනම් සොරි වෙන්න ඕන) බ්ලොග් එකේ ලිව්ව. අන්තිමට ලියපු එක නම් ටිකක් abstract මදි උනාද මන්දා. ඒ නිසා දැන් මට කැම්පස් එකේ කනක් ඇහිලා ඉන්න නැති වෙලයි ඉන්නේ :"> .

බ්ලොග් ලියනකොට මම කවදාවත් කාටවත් මඩ ගැහුවේ නෑ. මොකද මගේ ලිවීමේ අරමුණ මම දන්න දෙයක් අනෙක් අයටත් කියල දීල මගේ අත්දැකීම් අනෙක් අයත් එක්ක බෙදා හදා ගැනීම මිසක් කාටවත් මඩ ගහල කව්රුවත් විවේචනය කිරීම නොවෙන නිසා. සමහර වෙලාවට විවිධ පුද්ගලයො මට මම ඉගන ගන්නා තැනට කැත විදිහට මඩ ගහල මාත් එක්ක පැටලෙන්න හැදුවත් මම මගේ බ්ලොග් එක ආපහු ඔව්න්ට මඩ ගහන්න පාවිච්චි කලේ නෑ. එහෙම ඉන්න පුළුවන් වීම ගැන මම අද සතුටු වෙනවා=; .

ඉතිං අන්තිමට ආයෙත් මතක් කරනවා මට උදව් කරපු ධෛර්ය දීපු හැමෝවම. ඉස්සරහටත් රවින්දගේ සටහන් පොත එක්ක රැඳිල ඉන්න කියල ආරාධනා කරනවා. ;;)

~~බොහොම ස්තූතියි~~

Wednesday, October 14, 2009

මට දෙන්න නුඹේ එක සිනහවක්......


එපා මට නුඹේ ඔය සිනිඳු සුරත මා සුරතේ පටලා ගන්නට
දැනුනත් එවිට මට මුළු ලොවම මගෙ ලඟ බව
මට එපා නුඹේ තොල් පෙති සිඹින්නට
පළමු හාදුවෙන් තෙමන්නේ තොල් පෙති විතරක් උනත්
මට ඕනෑ නෑ නුඹේ ලමැද සැතපෙන්නට
දුන්නත් එය උණුසුම් යහනක සුව
ඒත්
මට දීපන්
නුඹේ එක අහිංසක සුන්දර සිනහවක්
මා සිත සතුටින් පිරීයාවි වෙන කිසිවකින් කල නොහැකි සේ
මන්ද යත්
එයයි මා පැතූ ආදරය....

Monday, October 5, 2009

Ubuntu අළුත් කෝලා වළහා සංස්කරණය ගැන

මේ මාසෙ 29 වෙනිදා Ubuntu වලට ආදරය කරන්නන් බොහොම උනන්දුවෙන් බලන් ඉන්න දවසක්. ඒ මොකද කියනවනම් Ubuntu වල අළුත්ම සංස්කරණය වන Ubuntu 9.10 හෙවත් Karmic Koala නිළ වශයෙන් නිකුත් වෙන්නෙ එදාට තමයි. මේ දවස් වෙනකොට මේ Karmic Koala කේත නාමයෙන් හඳුන්වන සංස්කරණයේ Beta නිකුත්වක් එළි දක්වල තියනවා. කැමති අය ඉන්නවනම් බාගෙන වැරදි අඩුපාඩු සොයන්න පුළුවනි.

ඔය Ubuntu 9.10 එහෙම කියල ලැබෙන හැටි දන්නවද? ඔතන 9 කියන්නෙ 2009 කියන එක. 10 කියන්නෙ දහවෙනි මාසෙ කියන එක. සාමාන්‍යයෙන් Ubuntu වර්ශයකට සංස්කරණ දෙකක් නිකුත් කරනවා. එකක් අප්‍රේල් මාසෙ(9.04) අනික ඔක්තෝම්බර මාසෙ. අනිත් දේ තමයි මේ සංස්කරණ වලට කේත නාමය දෙන්නෙ සතෙකුගේ නමින්. ඉස්සර ඉඳල මේ සංස්කරණ ආපු නම් දකින්න කැමතිද?

  • Ubuntu 4.10(Warty Warthog)
  • Ubuntu 5.04(Hoary Hedgehog)
  • Ubuntu 5.10 (Breezy Badger)
  • Ubuntu 6.06 LTS (Dapper Drake)
  • Ubuntu 6.10 (Edgy Eft)
  • Ubuntu 7.04 (Feisty Fawn)
  • Ubuntu 7.10 (Gutsy Gibbon)
  • Ubuntu 8.04 LTS (Hardy Heron)
  • Ubuntu 8.10 (Intrepid Ibex)
  • Ubuntu 9.04 (Jaunty Jackalope)
  • Ubuntu 9.10 (Karmic Koala)
කළින් සංස්කරණයේ Jaunty Jackalope කියන්නෙ ජේත්තුකාර හාවා කියන එකනේ. මේ පාර Karmic Koala කිව්වට මට තාම Karmic කියන වචනේ තේරුමක් හොයාගන්න බැරි උනා. මොකක් හරි කෝලා වලහෙක් ගැන තමයි කියනනෙ. මමත් අද රෑ කැම්පස් එකේදි මෂියර්ගෙ(තරිඳු) ලැප ඉල්ලගෙන wifi වලට පිං සිද්ධ වෙන්න විනාඩි 25කින් විතර beta iso එක බා ගත්ත. ඊට පස්සෙ හිමීට Virtual Box එකට දාල බැලුව. Virtual Box එකේ උනත් විනාඩි 20කින් විතර ස්ථාපනය උනා. මුලින්ම දැක්ක වෙනස තමයි boot screen එක වෙනස් කරල තියනව.
ඒගොල්ලො නම් කියන්නෙ ලස්සන කලා කියල. මට නම් එහෙම පේන්නෙ නෑ.installation එකෙත් වැඩි වෙනසක් නෑ. window වල පොඩි පොඩි වෙනස් කම් කරල තියනව.
installation process එක පෙන්නන තැන නම් පැහැදිල වෙනසක් කරල තියනව. Ubuntu ගැන සහ අඩංගු සමහර මෘදුකාංග ගැන කෙටි විස්තරයක් පෙන්නනව මෙතනදි.

ඔන්න install වෙලා ඉවරයි desktop එකට ආව.

මේ අළුත් සංස්කරණයේද ඔවුන් හඳුන්වාදෙන දේවල් විදිහට කියන්නෙ මේව.


1. Boot Experience - මම කලින් කිව්ව Splash screen එකයි මේ.

2. Software Centre - කලින් තිබිච්ච Add/Remove වෙනුවට මේකෙ තියෙන්නෙ මේක
කලින් තිබිච්ච විදිහ හොඳයි මටනම්.

3. GOME 2.28 Desktop Environment එක.
  • Pidgin වෙනුවට Empathy Default IM client විදිහට ඇතුලත් කරල තියනව.
4. Linux 2.6.31-11.36 kernel එක මෙයට ඇතුලත්.

5. 9.04 වල තිබුනු ප්‍රධාන performance ප්‍රශ්න විසඳමින් vedio driver එක EXA acceleration mode එකේ ඉඳල අළුත් UXA එකට වෙනස් කරල තියනව.

6. Ext4 file system එක පෙරනිමියෙන් ඇතුලත්.

7. Grub2 පෙරනිමි boot loader එක විදිහට ඇතුලත්.

ඉතිං හැමෝටම ආරාධනා කරනවා 29 වෙනිදට Ubuntu 9.10 original සංස්කරණය බාගත කරගෙන ඒ අත්දැකීම විඳගන්න කියල.

Friday, September 25, 2009

ඔබේ පරිගනකයට නිවැරදිව Ubuntu ස්ථාපනය කරගනිමු.


ගොඩක් කාලෙකට පස්සෙ මම ආයෙත් technical post එකක් ලියන්නයි යන්නෙ. මේ මම ටික කාලෙකට කලින් වෙච්ච පොරොන්දුවක්. කැම්පස් එකේ ඇකඩමික් වැඩයි තව අපේ පොඩි එවුන්ගේ වැඩයි(ඒ කිව්වෙ අපේ jouniorsලාගේ) නිසා මේක ලියන එක දවසින් දවස කල් යමිනුයි තිබුනේ. අනිත් එක පහුගිය දවස් වල වයිරස් උණක් හැදිල ජීවිතේ එපා වෙලා හිටියෙ. දැන් යන්තම් හොඳයි. හරි හරි ඔන්න වල් පල් ඇති වැඩේට බහිමු.

ලිනක්ස් නවකයින්ට හොඳම මෙහෙයුම් පද්ධතියක්නේ උබුන්ටු. ඒත් සමහරු උබුන්ටු install කරගන්න හැටි හරියට දන්නෙ නෑ. මේක අමාරු දෙයක් නෙමෙයි මට තේරෙන විදිහට වින්ඩෝස් install කරනවටත් වඩා මේක ලේසියි. ඒක ඔප්පු කරන්නත් එක්ක උබුන්ටු පරිගනයක ස්ථාපනය කරගන්න විදිහ තමයි මේ කියන්න යන්නෙ.මුලින්ම තමන් සතුව Ubuntu CD/DVD එකක් හෝ Super Ubuntu DVD එකක් තියෙන්න ඕන.

ගොඩක් අයගේ hard disk එකේ ජනේලයක්(windows) හයි කරලා තියෙන්න පුළුවන්නේ :-> . එහෙම නම් මුලින්ම ඒ අය ලිනක්ස් ස්ථාපනය සඳහා partition එකක් නිදහස් කරගන්න ඕන. 10GB තිබ්බනම් ඉහටත් උඩින්. අපි මෙහෙම හිතමු තියෙන්නෙ 40GB partition 3ක් නම්. අවුලක් නෑ. එක partition එකක් free කරගන්න. Mycomputer right click කරලා Manage ගිහින් ඒකෙන් disk management යන්න. ඔබේ දෘඩ තැටිය දැනට partition වෙලා තියන හැටි එතනදි පෙන්නාවි. දැන් අර හිස් කර ගත්තු partition එක delete කරලා එතන 30GBක partition එකක් හදාගන්න. තව 10ක් ඉතිරිනේ partition නොකරපු space එක විදිහට ආන්න එතනට තමයි අපි උබුන්ටු දාන්න යන්නෙ. මුළු hard disk එකම erase කරලා ලිනක්ස් විතරක් දාන්න යන අය ඉන්නවනම්(මේ මම වගේ) මේ මුකුත් කරන්න ඕන නෑ කෙලින්ම ඊළඟ පියවරට යන්න පුළුවන්.

දැන් අදාල Ubuntu තැටිය පරිගනකයට ඇතුල් කරලා ක්‍රියාත්මක කරන්න. මතක ඇතුව first boot device එකට CD/DVD ROM එක දාලා තියන්න. දැන් පරිගනකය CD එකෙන් boot වෙමින් මේ වගේ screen එකක් පෙන්නාවි.

default select වෙලා තියන english ම තියෙන්න ඇරල enter කරන්න(කඩ්ඩ හොඳටම තේරෙන්න ඕන නෑ යංතං සංතං ඇති :D). එතකොට පහත window එක ඔයගොල්ලොන්ට ලැබේවි.

Ubuntu install වෙනකම් පොඩි game එකක් එහෙම ගහන්න කැමති නම් පළවෙනි option එක තෝරන්න නැත්නම් දෙවනි එක තෝරගන්න. පළවෙනි එක තෝරපු අය පහල පින්තූරෙ වගේ සාමාන්‍ය ubuntu desktop එකකට ඒවි.මේ OS එක live CD එකෙන් boot වෙලයි තියෙන්නෙ. සාමාන්‍ය ubuntu ස්ථාපිත මැෂින් එකක කරන ඕන දෙයක් මේකෙත් කරන්න පුළුවන්. හැබැයි ටිකක් හිමීට වැඩ මොකද තනිකරම RAM එකෙන් වැඩ කරන නිසා.

දැන් ඔය install කියන icon එක තෝරන්න. දැන් ලැබෙන window එක තමයි අර මුල් menu එකෙන් install ubuntu තෝරපු අයට desktop එකට එන්නෙම නැතුව ලැබෙන්නෙ.
default එන විදිහටම English තියෙන්න ඇරල forward click කරන්න. පස්සෙ ඕන නම් සිංහලට මාරු කරගන්න බැරියැ. දැන පල්ලෙහා image එකේ වගේ window එකක් ලැබේවි.
Region සහ City දෙක රූපයේ විදිහට තෝරලා Forward යන්න.
මෙහේ සාමාන්‍යයෙන් තියෙන්නෙ USA layout එක තියන keyboard නේ. ආයෙ Fordward කරන්න. එපා වෙනවා නේද මොන්ටිසෝරි වැඩක් වගේනේ. :D
මෙතනින් මතක ඇතුව Specify partitions manually කියන අවසාන option එක තෝරල forward කරන්න.
දැන් තමයි කල්පනාවෙන් වැඩ කරන්න ඕන. මෙතන ඔබේ hard disk එක දැනට partition වෙලා තියන විදිහ සහ ඒවායේ විස්තර පෙන්නනවා.ලිනක්ස් OS එකක් install කරද්දි මූලිකවට swap area එකත් root partition එකත් හදා ගන්න ඕන. අපි කලින් ඉතිරි කරලා තියපු 10GBක free space කොටස තෝරන්න. (අළුත්ම hard එකක් පාවිච්චි කරන අය මුලින්ම /dev/sda තෝරල create new partition කියන තැන click කරන්න.)දැන් new partition කියන button එක click කරන්න. එතකොට පහත පින්තූරෙ වගෙ එකක් ලැබේවි.
swap එකේ size එක සාමාන්‍යයෙන් RAM එක වගේ දෙගුණයක් දෙන්න කියලයි කියන්නෙ. ඒත් 2GB වගේ RAM තියන අය ඒ වගේ දෙගුණයක් දෙන්න එපා. උපරිම 1000MB swap එකට දුන්නම ඇති. පහල use as කියන තැනින් swap area කියන එක තෝරල OK කරන්න.
ඊළඟට ඉතිරි free space එක තෝරල ආයෙ new partition ගිහින් අවම 8GB වගේ වෙන්න ext3 partition එකක් හදා ගන්න. මේක use as කියන තැනට / දෙන්න ඒ කියන්නෙ root. කැමති නම් /home එක වෙනම හදල දෙන්නත් පුළුවන්. එතකොට ආයෙ linux install කරන්න උනොත් තිබ්ච්ච data වලට හානියක් වෙන්නෙ නෑ. මම කලින් කිව්ව වගේ ඔය ගොල්ලො වින්ඩෝස් වල 30GB විතර partition එකක් delete කරල linux වලට partition හැදුව නම් තව සෑහෙන ප්‍රමාණයක් free space විදිහට ඉතිරි ඇතිනේ. ඒක තියෙන්න අරින්න පස්සෙ ඒක වින්ඩෝස් වලින් ntfs වලට format කරගන්න. අනිත් දේ තමයි දැන් මෙතන අළුත් partiton පෙන්නුවට තාම hard එකේ partition හැදිල නෑ. preview එකක් විතරයි පෙන්නන්නෙ. තව ඉස්සරහදි උබුන්ටු install කරන්න දුන්නහම තමයි මේව disk එකට save කරන්නෙ. දැන් partiton හදල ඉවර නම් forward යන්න.
දැන් ලැබෙන window එකේදි නම username එක passward එක එහෙම දීල forward යන්න. auto login දෙන්න එපා. එක භයානකයි එතකොට ඕන කෙනෙකුට machine එකට log වෙන්න පුළුවන්.
අන්තිමට අපි දීපු ඔක්කොම තොරතුරු සාරාංශ කරල නිවැරදිද කියල අහනව install කරන්න කලින් මෙතනින් install කියල දුන්නම අර partition එහෙම හැදිල OS එක install වෙනව.
මේක install වෙන්න යන වෙලාව machine එකේ processer speed එක RAM එක මත වෙනස් වෙනව. Core2Do වගේ එකක නම් විනාඩි 12කින් විතරත් install වෙනව. අර මුලින් live cd එකෙන් machine එක boot කරගෙන install කරපු අයටනම් OS එක install වෙනකම් game එකක් ගහන්නත් පුළුවනි.
install වෙලා ඉවර උනහම restart කරන්න කියල massage එකක් ඒවි. එතකොට restart click කරන්න. CD තැටිය ඉවත් කරන්න කියල machine එක restart වේවි. ඔන්න ඔයගොල්ලෝ Ubuntu නිවැරදිව ස්ථාපනය කරගෙන ඉවරයි. වින්ඩෝස් install කරනව තරම් අමාරු නෑ නේද. මේ පෝස්ට් එක ටිකක් විතර අච්චාරුවක් වගේද මන්දා :D. පිළිවෙලටම ලියන්න තරම් වෙලාවක්නෑ. ඒකට සමාවෙන්න. අර්බුදයක් තියනවනම් comment එකක් දාල යන්නකෝ.

දැන් ඉතින් මම කලින් ලිව්ව post වල විදිහට කැමති විදිහට ubuntu හැඩ කරගන්න එකයි තියෙන්නෙ.